ක්වාති විනිසුරුවරුට වැඩ වරදී

අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා, එකී තීන්දුව ලබා දීමට සැකකරු විසින් අදාළ පාර්ශ්වයන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව, මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම යන අල්ලස් චෝදනා මත එම කොමිසමේ නිලධාරීන් විසින් අද 21 පෙරවරුවේ මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙලිඔය ක්වාති විනිසුරුවරයෙකු වන අතර සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.