ගණේමුල්ලෙ සංජීවගේ මරණයට දුන් අධිකරණ තීන්දුව

ගණේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කරනු ලැබුවා.

පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වෙනවා.

මේ අතර, ගණේමුල්ල සංජීව නමැත්තාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා, තමන් මෙම තීරණයට එළැඹුණු බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කියා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *