බස් රථ 03 ක් පිපිරී ගිය ප‍්‍රහාර මාලාව

ඊශ්‍රායලයේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන ටෙල් අවිව් හිදී බස් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් ටෙල් අවීව්හි බැට් යෑම් ප්‍රදේශයේ නවතා තිබූ බස් රථ 3 ක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම පිපිරීම් සිදුකර තිබෙන්නේ, කාල බෝම්බ අටවමිනි.
කෙසේ නමුත් රාත්‍රී කාලයේ දී මෙය සිදුවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, එම බෝම්බ පුපුරා යාමට පෙර මධ්‍යම නගරයක් වන හොලොන් හි තවත් බෝම්බ 2ක්ද සොයාගෙන තිබෙනවා.
පිපිරීම් සමග නගරය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.