කළු මුහුදේ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර නවත්වනවා

කළු මුහුදේ යාත්‍රාවලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට රුසියාව සහ යුක්‍රේනය සිය එකඟතාව පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බලශක්ති සහ යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇති බව එම මාධ්‍ය සඳහන් කරනවා.

රුසියාව හා යුක්‍රේනය සමග වෙන් වෙන්ව පසුගිය දින දෙකෙහි සෞදි අරාබියේදී පැවති සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකාව මේ බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කළු මුහුදේ සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ කෘෂිකාර්මික කටයුතු ඉලක්ක කරගනිමින් රුසියාව පනවා ඇති සම්බාධක ඉවත් කළ පසුව පමණක් බව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, රුසියාව එම ගිවිසුම උල්ලංඝණය කළහොත් අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක ඉල්ලා සිටින බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *