විශ‍්‍රාමිකයින් ගැනත් අවධානය යොමු කරලා

විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින්, 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් විශමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛනයේ 3/2016 අනුව 2020 වසරට අදාළ වැටුප් පරිමාණයන්ට අනුරූප අදියර තුනකින් සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව 2020 ජනවාරි 01 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *