විපතට පත් ඔවුන්ට අපෙනුත් පිළිසරණක්

භූ කම්පනයෙන් විපතට පත් මියන්මාරයට ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් යැවීමට කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ පිළිබඳව, මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා.
කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
“මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවාට පසුව, ඔවුන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා. ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද සෞඛ්‍ය කණ්ඩායමක් දැනටමත් සුදානම් කරලා තියෙන්නේ. මෙය අපි විශේෂ කටයුතු අමාත්‍යාංශය හරහා මියන්මාර තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. ඔවුන් කිව්වා සුදානම් කර තබාගන්න අවශ්‍ය වූ වහාම ඒ බව දැනුම් දෙන බව. ඒ අනුව පණිවුඩයක් ලැබෙන තුරු අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුව ඉන්නවා.”
