යළිත් මැගසින් බන්ධනාගාරය වෙත

රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට යොමුකළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමුකර තිබෙන බව වාර්තා වෙනවා.
අධිකරණ නියෝග මත ප්‍රතිකාර සඳහා සැකකරු බන්ධනාගාර රෝහලට යොමු කෙරුණා.
දුමින්ද දිසානායක මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.
වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රත්‍රං ආලේපිත T – 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා, ඊට පසුදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.