උදෙන්ම ඉන්දියාවෙන් ආව අසුබ ආරංචිය

අද (17) අලුයම ඉන්දියාවේ දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0 ක් ලෙස සටහන්ව තිබෙනවා.

පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බව එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසනවා.

මෙම භූ කම්පනයක් සමඟ ඒ අවට විශාල ශබ්දයක් ඇසුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *