බස් රථයෙන් හමුවූණු හිමිකරුවෙකු නැති බෑගය

බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123 ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ (22) දහවල් කාලයේ බණ්ඩාරවෙල පොලිස් වසමේ බණ්ඩාරවෙල නගරයේ බස් නැවතුම්පොළ අසලදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පරික්ෂා කිරීමකට ලක්කර තිබෙනවා. ඒ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.

එහිදී එම බස් රථයේ ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගයක් තුළ කුඩා යකඩ පෙට්ටියක දමා තිබියදී මෙම ජීව පතරොම් තොගය සොයාගෙන ඇති අතර, එහිදී මෙම සැකකරුවෙකු නොමැති ජීව පතරොම් 123 ක් සොයාගෙන තිබෙනවා.

මෙම පතරොම් අතර පිස්තෝල පතරොම් 113 ක්, ටී – 56 පතරොම් 09 ක් හා ටී 56 එල්එම්ජී පතරොමක් තිබී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *