බටලන්ද කොමිෂන් විවාදය අදයි

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.

අදාළ කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින තෙක් කල් තැබීමට නියමිත බවද වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *