ඉදිරි පැය 36 සැලකිළිමත් වෙන්න

ඉදිරි පැය 36 දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පලාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
