හුස්ම ගන්න අමාරු වුණොත් කල්පනාවෙන් ඉන්න

මේ අතර දිවයිනේ වායු තත්ව දර්ශකයේ අහිතකර තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කරනවා.
එම සංවිධානයේ පරිසර අධ්‍යාපන දැනුවත්කිරීමේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ දී ද මෙම තත්වයේ වර්ධනයක් දක්නට ලැබුණු බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටිනවා.