ත‍්‍රීරෝද රථයකින් අතරමග දමා ගිය මළසිරුර

අද (21) උදෑසන 11.45 ට පමණ වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ වෙලේවත්ත, රම්‍යවීර මාවත අසල ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මියගිය පුද්ගලයෙකුව මහ මඟ දමා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
අදාළ ස්ථානයට යාබද වූ නිවසෙහි හිමිකරුට ඔවුන් පවසා ඇත්තේ, එම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කර සිහිමූර්ජා වී සිටින බවයි. කෙසේ නමුත් එම අවස්ථාව වන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිට ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම එම ස්ථානයේ සවිකර තිබූ ක්‍ක්‍ඔඪ කැමරාවක ද සටහන්ව තිබුණු අතර, එහි දැක්වෙන්නේ එක් පුද්ගලයෙකු ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණෙන අතර, අනෙක් පුද්ගලයා විසින් මෘත ශරීරය බිමට ඇද දමන අයුරුයි.
ප්‍රදේශවාසීන් 1990 හදිසි ගිලන් රථ සේවය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් එහි පැමිණිය ද මියගිය පුද්ගලයෙකු හේතුවෙන් ඔවුන් මෘත ශරීරය භාර නොගෙනම පිටව ගොස් තිබෙනවා.
මෙලෙස මහ මඟ දමාගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, මෙම පුද්ගලයා මෙලෙස මහ මඟ දමා යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ත්‍රීරෝද රථය සහ ත්‍රීරෝද රථ රියැදුරා සොයා වැල්ලම්පිටිය පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙනවා.
