පාළු ඉඩමක තිබී හමුවූ පුද්ගල මළසිරුර

කොච්චිකඩේ පොලිස් වසමේ තක්කියාපාර, පෝරුතොට ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඊයේ (20) රාත්‍රි කාලයේදී පොලීසියට ලද පැමිණිල්ලක් අනුව මෙම මළසිරුර සොයාගත් බව, පොලීසිය සඳහන් කරනවා.

මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 30 ක් පමණ වන පුද්ගලයෙකු වන අතර, ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොච්චිකඩේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *