හමුදා කඳවුරකට බෝම්බකරුවන් කඩා පනී

සටන්කාමී කණ්ඩායමකට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් වයඹදිග පාකිස්තානයේ හමුදා පරිශ්‍රයකට පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ දෙකක් ‍රැගෙනවිත් පුපුරවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී සිදුවූ දැවැන්ත පිපිරීම් හේතුවෙන් සිවිල් වැසියන් 9 දෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

කෙසේ වුවත් එම සිද්ධියෙන් අවම වශයෙන් තවත් 20 දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් පසුව සටන්කාමීන් 12 දෙනෙකු පරිශ්‍රයට කඩාවැදීමට උත්සාහ කර ඇති බවත්, එරට වාර්තා පෙන්වා දෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *