වැරදි තැනකට හෙලූ බෝම්බ

දකුණු කොරියාවේ ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර, ප්‍රහාරක ජෙට් යානයක් අහම්බෙන් බෝම්බ අටක් වැරදි ස්ථානයකට හෙළීමෙන් සිවිල් වැසියන්ට තුවාල සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු කොරියාවේ දේශසීමාවට කිලෝමීටර් 25 ක් පමණ දකුණින් පිහිටි පොචියොන් හිදී මෙම පුහුණු අභ්‍යාසය සිදු කර තිබෙන අතර, සිදුවීම හේතුවෙන් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, තිදෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

ර්‍ණසිවිල් වැසියන්ට හානි සිදු වූ බෝම්බ අනපේක්ෂිත ලෙස මුදා හැරීම ගැන අපි දැඩි ලෙස කනගාටු වන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමුල” යනුවෙන් ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති බවත්, “හානි සඳහා වන්දි ඇතුළුව අවශ්‍ය සියලු පියවර ගන්නා” බවත් ගුවන් හමුදාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *