පෙට්‍රල් ප්‍රවාහනය කළ බවුසර් රථයක් නානුඔයදී අනතුරට

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක් පෙරළීම නිසා තලවකැලේ හරහා කිරිමැටිය මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙන බව වාර්තා වෙනවා.

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600 ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව නානුඔය පොලිසිය පවසනවා.

අද (14) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ එම මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී වන අතර, බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරළීම නිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් කාන්දු වන බවත්, එම ඉන්ධන ලබා ගැනීමට ජනතාව පෝළිමේ රැඳී සිටින බවත් වාර්තා වෙනවා.

මේ අතර කාන්දු වෙමින් පවතින ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරු කිරීමට මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පියවර ගනිමින් සිටින බවත්, අනතුරෙන් කිසිවෙකුටත් හානියක් නැති අතර නානුඔය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *