ඔන්න සුදුවෙන්න කිරිපිටි ගෙනල්ලා

සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද 05 උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ මෙම කිරිපිටි ටින් වල වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වන බව සඳහන් වෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් තැනැත්තිය කොළඹල කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වෙනවා.

ඔවුන් දෙදෙනා අද උදෑසන මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව, එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වෙනවා.

මේවන විටත්, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *