ජීවිත රැසක් බිලිගත් බස් රථ අනතුර

බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැති අතර, මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවයි.

අනතුරට ලක්වූ එක් බසයක ගමන් කරමින් සිට ඇත්තේ එරට සුප්‍රසිද්ධ ඔරුරෝ සැණකෙළිය වෙත ගමන් කරමින් සිටි පිරිසක් බව වාර්තා වෙනවා.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරාන්තික රිය අනතුරු වාර්තා වෙන අතර, ඉන් බහුතරයක් වාර්තා වන්නේ පොටොසි කලාපයෙනි. ඊට හේතු ලෙස සඳහන් වෙන්නේ, පොටොසි කලාපය කඳුකර කලාපයක් වීම සහ මාර්ග නඩත්තු කිරීම් නිසියාකාරව සිදු නොකිරීම ලෙස වාර්තා වෙනවා.

කෙසේ වුවද අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ පිරිසගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *