දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනිගත් බසය

අද (28) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ පොලිස් වසමේ 32 – 7ඍ කණුව ආසන්නයේ දී මාතර සිට කොළඹ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මෙම අවස්ථාවේ බස් රථයේ රියදුරු හා තවත් පුද්ගලයකු සිට ඇති අතර, ගින්නෙන් ඔවුන්ට කිසිඳු හානියක් සිදුව නැති බව සඳහන් වෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ග ගිනි නිවීමේ ඒකකය මඟින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී කරගැනීමට නොහැකිව තිබෙනවා.

කෙසේ වෙතත්, ටික වේලාවක් ගතවන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *