ජීවිත අවධානමේ දමන බස් රථ සේවාව

පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හේතුවෙන් ම දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් ඊයේ හදිසි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒ අනුව, හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව සිදුකෙරුණු බවත්, මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 5 ක්, පෞද්ගලික බස් රථ 6 ක් ඇතුළුව, රියදුරන් 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇති අතර, මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා මගීන්ද දැනුවත් කරමින් පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරන් විසින් සිදුකරන මාර්ගනීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *