මෙහෙට ආවේ යුරෝපෙට යන්න බලාගෙනලූ

යුරෝපයට පලායාම සඳහා මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 10 දෙනෙකු කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිය දීයි.

ඔවුන් බංග්ලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවත්, අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මොවුන් සියලුදෙනා අවුරුදු 20 – 30 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන අතර, ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට පිවිසීමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *