කැනඩාවේ නව අගමැති දිවුරුම් දීම

කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි මාර්ක් කාර්නි දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජස්ටින් ටෲඩෝල පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි.
ඒ අනුව, ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් වුණා.
පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බව සඳහන් වෙනවා.
හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෘෘඩෝ වසර 09 ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළ අතර, 2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී දේශපාන කරලියට පැමිණි ටෘෘඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණු බව සඳහන් වෙනවා.
