මුල්ම වතාවට ලංකාවට පැමිණි කැනඩා තරුණිය

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා , හෂීෂ්.. මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අදාළ කාන්තාව ඊයේ (09) රාත්‍රියේ ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, 20 හැවිරිදි ඇය කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණයක් වන අතර, ඇය ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වෙන බව සඳහන් වෙනවා.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35 ට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 17යි ග්‍රෑම් 573 ක ප්‍රමාණය ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ, ඇද ඇතිරිලි 03 ක ඔතා, සඟවා ගෙන තිබියදී කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *