කැනේඩියානු කාන්තාවක් අත්අඩංගුවට

විදේශික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය සන්තනයේ තිබුණු, රුපියල් කෝටි 36 ක් පමණ වටිනා ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයක් ද සමගයි.
අදාළ කාන්තාව කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ, ඊයේ රාත්‍රී මෙරටට පැමිණි අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙනවා.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවත්, සැකකාරිය 36 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවක් වන අතර ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි කාන්තාවක් බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ ඇඳ ඇතිරිළි කිහිපයක් තුළ ඔතා සඟවා තිබී 36.5Kg ක ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම , හෂීෂ්.. මත්ද්‍රව්‍ය තොගය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීම සඳහා මෙරටට රැගෙන එන්නට ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක කරනවා.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැනඩා ජාතික කාන්තාව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගන්නා බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කර තිබෙනවා.