දැන් නම් හැංගිලා ඉන්න බැරිවෙයි

ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබෙනවා.

පසුගියදා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කර තිබුණා.

මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සම්බන්ධයෙන් අවි පුහුණුව ලැබූ යුද හමුදා සෙබළුන් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බවත්, එයට ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවරයන් මොනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ පිළිබඳව ප‍්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,

“අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන. එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා.”

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *