ඇමති බිමල් එක්කත් එක දිගට වැඩ කරන්න බැරිද මන්දා

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව වාර්තා වෙනවා. ඊට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා, නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වෙනවා.

කෙසේවෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර, ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා, අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති ධුරයෙන් අස්වූ 3 වෙනි පුද්ගලයා බව සඳහන් වෙනවා.

මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි මහතා එම ධුරවලින් ඉල්ලා අස්වුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *