බහුදින යාත‍්‍රාවල හදිසි ගින්නට හේතුව

අද (17) අළුයම දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, මේ වන විට ගින්න මැඩපවත්වා ඇති බවත්, දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වුවත්, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙම ගිනිගත් බහුදින බෝට්ටුවල හිමිකරු ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බව පොලීසිය පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *