ගණේමුල්ල සංජීවගේ ඝාතනයේ CCTV දර්ශණ

ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු CCTV දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එහි රෙජිස්ටර්වරයාට නියම කර තිබෙන බව වාර්තා වෙනවා.
අද (19) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ පාතාල කල්ලි නායකයකු බව කියන ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කෙරුණා.
මෙම සිද්ධියට අදාළව කෙසෙල්වත්ත පොලීසිය විසින් දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර තිබෙනවා.
කෙසෙල්වත්ත පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අපරාධය සිදුවූ විගසම ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළ බව පවසා තිබෙනවා.
අධිකරණ නිලධාරීන් ඇතුළු සෙසු පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන බවත්, ඉදිරි විමර්ශන කටයුතු සඳහා CCTV දර්ශන ලබා ගැනීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන කටයුතු සඳහා පොලීසියට අවශ්‍ය කරන CCTV දර්ශන මුදාහැරීමට පියවර ගන්නා ලෙස දැන්වූ බව සඳහන් වෙනවා.
