දැනෙන වෙනසක් සමග සමරන නිදහස් දිනය

77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙවර නිදහස් උත්සවය ,ජාතික පුනරුදයට පෙළගැසෙමු,යන තේමාව යටතේ පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්.අබේරත්න මහතා සඳහන් කරනවා. අද (30) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ වගේම, මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතියේ යම් වෙනසක් සිදුකර ඇති බව, මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසා තිබෙනවා.

ඒ අනුව, මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873 කට සීමා වී ඇති අතර, එය ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511 දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවා.

විශේෂයෙන් ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටිනවා.

මේ අතර, නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25 ක් පැවැත්වීමට නියමිත බවත්, පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19 න් මෙවර ගුවන් යානා 3 ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව ද සඳහන් කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *