චමරි අතපත්තු පිටියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සමඟ එක්වීමටයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 4 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර පෙබරවාරි 27 වැනිදා සහ 28 යන දෙදින තුළදී ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක නිරත වෙනවා.
ඒ අනුව මේවනවිට කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එම තරගාවලියේ අවසන් අදියරට පෙර කණ්ඩායමෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙනවා. චමරි නියෝජනය කරන්නේ අප් වොරියර්ස් කණ්ඩායමයි.
ඒ අනුව පෙබරවාරි 26 වැනිදා චමරි කණ්ඩායමෙන් ඉවත්ව ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යන බවත්, පෙබරවාරි 27 සහ 28 පුහුණු තරග දෙකකට එක්වන බවත් සඳහන් වෙනවා.
ශ්‍රී ලංකා නවසීලන්ත පළමු එක්දින තරගය මාර්තු 4 වැනිදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන එක්දින තරග දෙක මාර්තු 7 සහ 9 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලිය මාර්තු 14, 16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙන බව වාර්තා වෙනවා.