ශූරයින්ගේ කුසලානය 2025

පකිස්ථානයේ සහ එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පවත්වන, 2025 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය අදයි.

මෙම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරට වන අතර, මෙවර තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සඳහන් වෙනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ දකුණු අප්‍රිකාවයි.

මෙවර තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග සියල්ල එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ, සත්කාරක පකිස්ථානය සහ නවසීලන්තය අතරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *