ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදි පැවැත්වෙනවා.
ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාව සහ නවසීලන්තය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන බොහෝ තරගාවලින්හි අවසන් මහා තරගවලට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.
1998 වසරේ සිට ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සංවිධානය කෙරෙන අතර, මේ දක්වා අවස්ථා දෙකක දී එහි ශූරතාව හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙන අතර, නවසීලන්ත කණ්ඩායම ද එක් වරක් ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නවසීලන්ත කණ්ඩායම අවස්ථා දෙකක දී සුදුසුකම් ලබා ඇති අතර, ඉන්දීය කණ්ඩායම අවස්ථා 4 කදී සුදුසුකම් ලබා තිබෙනවා.
ඉන්දියාව සහ නවසීලන්තය 2000 වසරේ දී ශූරයන්ගේ කුසලන අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසී ඇති අතර, එය තරගය කඩුලු 4කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වු බව සඳහන් වෙනවා.
