විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

2025 අප්‍රේල් මස 15, 16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යහන 12 දක්වා පමණක් සිදු කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව ඉහත සඳහන් දින වලදී ක්‍රියාත්මක නොවන බව දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් (වැ.බ) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *