නොසිතූ විදිහට මාරුවෙන්න වෙලා

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.

එම ස්ථාන මාරුවීම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සිටින බව සඳහන් වෙනවා.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා.

එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්‍ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවට ද තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

මේ ආකාරයට ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වෙනවා,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *