චීනය ඇමෙරිකාවෙන් තරමක දැඩි ඉල්ලීමක් සිදු කරලා

අමෙරිකාව චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නතර කරන ලෙස චීනය දැඩිව ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා ඊයේ 26 පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව අවධාරණය කර ඇති බව සඳහන් වෙනවා.
අමෙරිකාව සහ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයක යුද සබඳතාවකට චීනය දැඩි විරෝධය පළ කරමින් අමෙරිකාව තායිවානයට ආයුධ සැපයීම නවත්වන ලෙස දැඩිව ඉල්ලා සිටින බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම බාහිර බලවේග හරහා කොපමණ ආයුධ මිලදී ගත්තද, තායිවාන ගැටලුව විසඳා රට යළි එක්සත් කිරීම සාක්ෂාත් කර ගැනීමට චීන ජනතාවගේ ස්ථිර කැමැත්ත වෙනස් කළ නොහැකි බව තායිවාන DPP පක්ෂ බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරන බවත් Chen Binhua මහතා මෙහිදී වැඩිදුරටත් කියා තිබෙනවා.
තවද “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳ බෙදුම්වාදී කුමන්ත්‍රණය පරාජය කර ජාතික ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාවට ඇති ශක්තිමත් හැකියාව නැවැත්විය නොහැකි බවත් ඔහු මෙහිදී අවධාරණය කළ බව චීන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
