චීනය ජාත්‍යන්තර නීතියට අවනත විය යුතුයි

පිලිපීනය ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් බව චීනය පිළිගත යුතු බව පිලිපීනය පවසනවා.

පිලිපීනයේ තීරණ සම්පූර්ණයෙන්ම ජාතික අවශ්‍යතා මත පදනම් වන අතර, අනෙකුත් රටවල මඟපෙන්වීම මත සිදුනොවන බව, පිලිපීන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, චීනය ජාත්‍යන්තර නීතියට අවනත වියයුතු බවද පිලිපීනය පවසනවා.

විශේෂයෙන් ම චීනයේ ආක්‍රමණශීලී හැසිරීම් පිලිපීන ප්‍රජාවන්ට බලපා ඇති ආකාරය දෙරට අතර ගැටළුවලට හේතුවක් බවද එම අමාත්‍යංශය පෙන්වාදී තිබෙන අතර, පිලිපීනය බාහිර බලවේග විසින් මෙහෙයවන බවට චීනයේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් පිලිපීන විදේශ අමාත්‍යාංශය අදාළ නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *