රුසියාව වෙනුවෙන් සටන් කළ චීන සෙබළු

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේදී, රුසියාව වෙනුවෙන් සටන් වැදුණු චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ චීන ජාතිකයින් රැසක් රුසියානු හමුදාව වෙනුවෙන් සටන් වදින බවයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් යුක්‍රේන ආරක්ෂක සේවය යටතේ පසුවන අතර යුක්‍රේනයේ චීන නියෝජිතයින් ද ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, මේ සම්බන්ධයෙන් චීනයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවයි.

රුසියාව සහ චීනය මෑතකාලීනව ඔවුන්ගේ සීමා රහිත හවුල්කාරිත්වය සහ දේශපාලන, මිලිටරි සහ ආර්ථික සහයෝගීතාව තර කරගෙන ඇති බවටද යුක්රේනය චෝදනා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *