කඩා වැටුණු අධිවේගී මාර්ගයේ පාලම

දකුණු කොරියාවේ අධිවේගී මාර්ගයක ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටී පුද්ගලයින් 4 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.
දකුණු කොරියාවේ සෝල් අගනුවරට කිලෝමීටර් 65 ක් දුරින් පිහිටි ඇන්ශොන් නගරයේ මෙම සිදුවීම සිදුව ඇති බවත්, අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනෙකු චීන ජාතිකයින් බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.