මෙවර පොසොන් උත්සවයට මිහින්තලයට එන්න

2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව, පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ අද 21 සඳහන් කළා.
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි.
.අනුබුදු දහමින් ලොවම නිවේවා. යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතව තිබෙන අතර, පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුව තුළ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා සියලු ආකාරයෙන් පහසුකම් සැපයීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීරල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු 40 කට අධික රාජ්‍ය ආයතන නියෝජන කරන වගකිවයුතු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
