ආපදාවන්ට ගොදුරුවූවන්ට වන්දි

2024/25 මහ කන්නයේ නොවැබ්ර් මස ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ආපදාවට පත් ගොවිබිම් සඳහා වගා හානි ගෙවීම් කටයුතු සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව, මඩකළපුව, අම්පාර, ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිව් හා ‍පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා නිර්දේශ වූ වගා බිම් අක්කර 37,887 ක් වෙනුවෙන් ගොවීන් 33,735 දෙනෙක් සඳහා වන්දි ලබා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, රුපියල් මිලියන 602 ක මුදලක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට එම මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

තවද මන්නාරම දිස්ත්‍රික්කයේ වගා හානි නිර්දේශ වූ අක්කර 9‍‍,228 ක ගොවීන් 4,285 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 126 ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත හෙට 26 දිනයේදී බැර කිරීමට කටයුතු කරන බවද එම මණ්ඩලය පවසනවා.

ඒ වගේම, මේවන විට වැඩි වශයෙන් වගා හානි වූ දිස්ත්‍රික්කවල වන්දි ගෙවීම මේ වන විට අවසන් කර ඇති බවත්, ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *