ආණ්ඩුකාරවරයාගෙන් CID යට පැමිණිල්ලක්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID ය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිවයි.

ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිද්ධවෙන හානිය තවදුරටත් දරාගත නොහැකි බව, මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආණ්ඩුකාරවරයා පවසනවා.

මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

“පහුගිය දවස්වල දිගින් දිගටම මාව ඉලක්ක කරගෙන පදනමක් නැති බොරු චෝදනා එල්ල කළා. මේක දිගින් දිගටම සිද්ධ වුණා. මේ ගැන දරාගෙන ඉන්න බැරිම තැන මම අද CIDයට ගිහිල්ලා මේ ගැන පැමිණිල්ලක් කළා.

පරාජිත කණ්ඩායම් දිගින් දිගටම මේ චෝදනා එල්ල කරද්දී තවදුරටත් සද්ද නොකර ඉන්න බෑ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මගේ කීර්තිනාමයට සිද්ධවෙන හානිය දාරාගන්න බෑ”.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *