දිනෙන් දින වැඩිවෙන පුංචි ඡන්දයේ පැමිණිලි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් පැමිණිලි 9 ක් ඊයේ (06) දිනය තුළ ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ඒ අතර බැණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මතුගම, බදුරලිය, අලුත්ගම, කළුතර දකුණ, මුල්ලේරියාව, කැලණිය සහ රාගම යන පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව සඳහන් වෙනවා.
යතුරුපැදි පෙළපාළි පැවැත්වීම, ජල ව්‍යාපෘතියක් මඟින් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම, දන්සල් පැවැත්වීම, නීති විරෝධි ලෙස පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය යනාදිය සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
