සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරිට විරුද්ධව පැමිණිලි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි නමැත්තා “සිරි දළදා දැක්මට” පහසුකම් සැපයීමට බව පවසමින් සංවිධානයක් පිහිටුවාගනිමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ශ්ව කිහිපයක් ඊයේ 26 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනප්‍රිය ගායන ශිල්පියෙකු වෙන ඉරාජ් වීරරත්න ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබූ අතර, ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් ද එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ලබන මස ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්මට පැමිණෙන සැදැහැවතුන්ට වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පවසමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සුදත්ත තිලකසිරි නැමැත්තා පුද්ගලයින්ගෙන් මුදල් එක්රැස් කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට ඔවුන් චෝදනා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *