සම්පූර්ණයෙන් ම වෙනස් වුණු කාලගුණය

අද (01) දිනයේ නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නවතම නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ වගේම, උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වෙනවා.
විශේෂයෙන් ම ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින්විට පැ.කි.මී. :30-40* ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
ඒ අනුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
