නොනවතින භූ කම්පන

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4 ක ගැඹුරින් සටහන්වී ඇති බව අමෙරිකානු බලධාරීන් පවසන අතර, එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී තිබෙනවා.

විශේෂයෙන් ම භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ හි සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත්වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *