මහ බැංකුවේ පාලනය රජයේ හමුදාව යටතට

සුඩාන රජයේ හමුදාව එරට මහ බැංකුවේ බලය යළි අත්පත් කර ගැනීමට සමත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති මන්දිරයේ බලය අත්පත් කරගෙන දිනකට පසුව සුඩාන කැරලිකාර කණ්ඩායම් සතුව තිබූ එරට මහ බැංකු මූලස්ථානයේ බලය මෙලෙස යළි අත්පත් කර ගැනීමට සුඩාන හමුදාවට හැකිවී තිබෙන බව සඳහන් වෙනවා.
විශේෂයෙන් ම කාටුම් නගරයේ බොහෝ ප්‍රදේශවල බලය මේ වන විට තම පාලනය යටතේ පවතින බව සුඩාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩ්‍රෝන යානා යොදාගනිමින් කැරළිකරුවන් සුඩාන හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත්, එම ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් හමුදා සෙබලුන් කිහිප දෙනෙක් සහ මාධ්‍යවේදීන් 03 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්ය.
