මන්ත‍්‍රී අර්ච්චුනා නැවතත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, යාපනය පොලීසිය විසින් වන අතර අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලීසිය සඳහන් කරන්නේ, සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමයි.
ඒ සිදුවීමෙන් පසුව අනුරාධපුර පොලීසිය මගින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරළ නමුත්, පොලිස් වාර්තාවල තිබූ යම්කිසි අඩුපාඩු තත්වයන් මත ඔහු නිදහස් වුණු බව පසුගියදා වාර්තා වුණා.
කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ච්චුනා රාමනාදන මහතා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.