කොළඹට ආව අන්තරේට අධිකරණ නියෝගයක්

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද (27) පස්වරු 2.30 සිට හෙට (28) පස්වරු 6 දක්වා වූ කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *