තුසිත හල්ලොලුවට ලැබුණු අධිකරණ නියෝගය

සැකපිට අධිකරණයට ඉදිරිපත් වූ තුසිත හල්ලොලුව මහතා ඇපමත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියෝග කර තිබෙනවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ, එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කරමින්, රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද දින සැකකරු මුදා හැරීමට නියෝග කළ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *